Monday, March 16, 2009

වටරවුමක ගමනාන්තය


වටරවුමක ගමන

ඇරඹුවෙමි එක්තරා දිනෙක
එක්තරා තිතෙකින්

සොයමින් සැනසුමක්

සහනයක් සතුටක්

හැරෙන්නට වමට

දකුණට හෝ ඉදිරියට

සැරසුණෙමි වතාවක් දෙවතාවක්

එහෙත් තවම මම

වටරවුමෙහි කැරකෙමින් හිඳිමි

සොයාගත නොහැකිව

වටරවුමක ගමනාන්තය

11 comments:

said...

කැරකිල්ල හැදෙනවා විතරයි අවසානයක් හම්බ වෙයිද මන්දා

Naදී said...

හහ් හහ් හහ්... උත්සාහවන්තයා ජය ගනී

malee_msg said...

මං හිතන්නේ මාත් කවකට්ටක පැන්සලක් :(

Danishka said...

මට නම් වට රවුන් නෙමේ කෙලින් පාරවලුත් අරහන්. යනවා යනවා ඉවරයක් නැ.....

කවදා මේ ගමන ඉවර වෙයිද?

You tube Videos said...

නංගි නාන්න වගේ යන්නේ------බලාගෙන------

Naදී said...

malee අක්කේ ඒක තව හොඳ උදාහරණයක්

Priyankara Perera said...

එහෙම හිතන්න එපා , රවුමත් සරල රේකඛාවක් කරගෙන ඉදිරියටම යන්න !

Anonymous said...

හිතන්න පොඩ්ඩක් රවුම හැදුනෙත් සරල රේඛා කෝටි ගානකින් කියල!!!

වන්නි said...

වට රවුමක නම් දකුණින් එන වාහන වලට ඉස්සෙල්ලා යන්න දෙන්න ඕන... ඒකයි නීතිය... දකුණින් කිව්වෙ ගාල්ල මාතර දිහාවෙන් එන වාහන නෙමෙයි හරිද... දකුණු පසින්... අනික බොල අර මලී නඟාට අක්කේ කිව්වේ තමුන් හරි පොඩී එකී කියලා හිතාගෙනද? කාන්තාවො නේද... හප්පේ බලන් ඉන්නේ කොයි වෙලේද "down button" එක ඔබන්නේ කියලා...

Naදී said...

ඒ කියන්නෙ කුෂාන් සහෝදරයා දකුණින් කොච්චර වාහන ආවත් දකුණේ නීතියට ඉඩ දීලා කොයිතරම් හරි වෙලා බලාගෙන ඉන්න කියලද?

කාන්තාවෝ නිසාමනේ ගරු නම්බු දීලා කතා කරන්නෙ.

Wikeds said...

සොයාගත නොහැක
වටරවුමේ ගමනාන්තය
සංසාර චක්රය
වටරවුමෙන් පිටට
පා තබන තුරාවට෴