Monday, April 6, 2009

මිරිඟු මායා

ඉරිතැලුණ දෙනෙත් විවර කොට මඳක්
පැලී ගිය දෙතොල් තෙමන්නට බිඳක්
සොයන්නේ සෙනෙහසින් දිය පොදක්
හිස් බැල්ම සිපගත් ප්‍රාණයෙන් මිදුණු
කාශ්ටක අහස් කුස

කැලුම් මඳ දෙනෙත් වසා
සිහින්වට දුටුවෙමි
ගව් ගනක් ඈත ඇදෙන ඡායාවක්
එහෙත් එය මිරිඟුවකි
නිරුදක කතරක

ඉරි තැලුණ කෙවෙනි
හිස් දියෙන් පිරී
පැලී ගිය දෙතොල්
ලෝදියෙන් පෙඟී
සොයන්නේ සෙනෙහසින්
දිය පොදක්......නැත......
උණුහුමට මිහි තුරුලෙ ඉඩක්....!

2 comments:

වන්නි said...

දැන් ඉතින් අවුලක්ම නෑනේ... D:
මේක බලන්නකෝ

ඇයි මේකත්

අනේ ප්ලීස් මේකත් බලන්න

මේ දවස් ටිකේම ඔයා මේ වගේ නේද? හොඳයි මං වැරදිද....????

Naදී said...

ane ane kushan mallitat hithena ewa. attamai oita wada loku wenasakata kiyala thibune car eke hood eka thibba eka witarai. woooooooooooooooo.........