
වම් අතේ කතාවත් ඔය වගේ එකක්. කාලාන්තරේකට ඉහත්තාවේ ඔහේ වගක් නැතිව හතර වටේටම වැනුනු වම් අත දිහා කව්ද ඇහැක් ඇරලා බැලුවේ? වම් අතෙන් ගත්ත ඵල ප්‍රයෝජන නම් ඉතින් එමටයි. ඒත් ඉතින් කව්ද නියම වටිනාකමක් දුන්නේ? ඔන්න දැං නම් වම් අතට නියම වටිනාකමක් ලැබිලා. ඒකත් එසේ මෙසේ නෙමෙයි, රත්තරං වටිනාකමක්! හැබැයි ඉතින් කියන්න ඕනි මේ රත්තරං වටිනාකම වම් අත ගත්තේ කප්පරක් වෙහෙසිලා කියන එකත්. ඒ වෙනුවෙන් වම් අත නොකාපු කට්ටක් නෑ. අමාරුවෙන් ගත්ත දේ වටිනාකම මිල කරන්න බැරි නිසා වම් අතට බරපතල රාජකාරියක් තියනවා.
ඒ තමයි මහන්සියෙන් ලබාගත්ත දේ පණ වගේ රැක ගන්න එක.