Saturday, March 7, 2009

සුවඳ මිතුරුකම

සිලි සිලියෙ නැළවෙන
සෙවණ යට මම හිඳිමි
සුවඳ මල් මිටක් මා
සුරත පිරි සුවඳ වුණි
දැල්වුවෙමි පහනක්
ඉන් නැගුන එළියක්
අඳුරු මා හද කුටිය
එළි කළා මොහොතක්
සුවඳ මල් මිට මා
පුද කළා සමිදු පිට
ඉන් නැගුන සුවඳක්
පාළු මා හද කුටිය
සුවඳ වුණි වරුවක්
සුදු වැලි මළුව පිට
පිය මැන්න මොහොතක්
පුද දුන්න මල් මිට
පරව ඇත මලසුනේ

6 comments:

malee_msg said...

සුවද හැමදාටම ඉතිරියිනේ නේද?

ecH said...

සුවඳ හැමදාම ඉතිරි වෙයි. මල් නම් පර වෙයි.

හේම ජයන්ත කොළඹගේ said...

"කායෝ තථායාති විනාසභාවං" මේ කයත් මේ සිතත් විශ්වයේ සියල්ලත් ඔබ පුදදුන් මල සේම වියැකී පරවී නැත්තටම නැතිවී යනවා.කිසිම කිසිදෙයක් මම, මගේ කියාගන්නට බැහැ.ගන්නට නැහැ.කෙසේ වෙතත් ඔබගේ නිර්මාණය රසවත් වගේම හරවත්. සුභපැතුම්

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

මම දන්න හැටියට නම් ලඟදී නම් ඔයාගේ යාළුවෙක් ඔයා එක්ක තරහා උනේ නෑ... එහෙම නැත්නම් මම හරියට අදහස තේරුම් ගෙන නෑ...

Nadee-නදී said...

ම් ....මෙහි අදහස තරමක් ගැඹුරින් සළකා බැලිය යුතුයි.

You tube Videos said...

අපට ඔය ප‍්‍රබුද්ධ කවි තේරෙන්නෙ නෑ අනේ-----හරියට ඉර මැදියම චිත‍්‍රපටිය වගේ---නියම කතාව පටන්ගන්නකොටම කෙහෙල්මල ඉවර වෙනවනේ----මේ කවිත් ඒ වගේ--මිටරේට වැටෙනකොටම කවි ඉවරයි---අනේ මන්දා ඕ ලෙවල් සිංහල වලට D දුන්නේ කවුද කියලා----