සිලි සිලියෙ නැළවෙන
සෙවණ යට මම හිඳිමි
සුවඳ මල් මිටක් මා
සුරත පිරි සුවඳ වුණි
දැල්වුවෙමි පහනක්
ඉන් නැගුන එළියක්
අඳුරු මා හද කුටිය
එළි කළා මොහොතක්
සුවඳ මල් මිට මා
පුද කළා සමිදු පිට
ඉන් නැගුන සුවඳක්
පාළු මා හද කුටිය
සුවඳ වුණි වරුවක්
සුදු වැලි මළුව පිට
පිය මැන්න මොහොතක්
පුද දුන්න මල් මිට
පරව ඇත මලසුනේ
5 comments:
සුවද හැමදාටම ඉතිරියිනේ නේද?
"කායෝ තථායාති විනාසභාවං" මේ කයත් මේ සිතත් විශ්වයේ සියල්ලත් ඔබ පුදදුන් මල සේම වියැකී පරවී නැත්තටම නැතිවී යනවා.කිසිම කිසිදෙයක් මම, මගේ කියාගන්නට බැහැ.ගන්නට නැහැ.කෙසේ වෙතත් ඔබගේ නිර්මාණය රසවත් වගේම හරවත්. සුභපැතුම්
මම දන්න හැටියට නම් ලඟදී නම් ඔයාගේ යාළුවෙක් ඔයා එක්ක තරහා උනේ නෑ... එහෙම නැත්නම් මම හරියට අදහස තේරුම් ගෙන නෑ...
ම් ....මෙහි අදහස තරමක් ගැඹුරින් සළකා බැලිය යුතුයි.
අපට ඔය ප‍්‍රබුද්ධ කවි තේරෙන්නෙ නෑ අනේ-----හරියට ඉර මැදියම චිත‍්‍රපටිය වගේ---නියම කතාව පටන්ගන්නකොටම කෙහෙල්මල ඉවර වෙනවනේ----මේ කවිත් ඒ වගේ--මිටරේට වැටෙනකොටම කවි ඉවරයි---අනේ මන්දා ඕ ලෙවල් සිංහල වලට D දුන්නේ කවුද කියලා----
Post a Comment