Sunday, August 8, 2010

සොයා දෙන්න!

කප්පරක් වටින දෙයක් නැති වෙලාලු...
නමින් එය මනුස්සකම
තියනවාද තම තමන් ලඟ
බලනවාද පොඩ්ඩක් හොඳයි
ඔය මලු අස්සේ, පොකට් අස්සේ පෙට්ටගමේ
සහ අල්මාරියේ එහෙම...
පිළිවෙලකට අස් කලා නම් ඔය කුණු ගොඩවල්
මතු වෙයි නොවැ කොහෙන් නමුත්

හැබෑට මොන පාටද ඕක?
ලොකුද? පොඩිද? සුදුද? කලුද?
අම්මපා දැක්කේ නෑ නොවැ
රෙදි අඳින සමහරක් අහයි.
"අනිච්චාවත සංඛාරා"
නොදත් හෝමෝසේපියන්ලා........

8 comments:

Unknown said...

ඇත්තටම මනුස්සකම වදවීමේ තර්ජනයට බලපාලා.ඒත් අපි ගාව නම් පරිස්සමට තියනවා

Shadow/හේමලයා said...

මනුස්සකම තියෙන එවුන්ට දැන් පීසු කියලායි බොහෝදෙනා කියන්නේ.....හැබැට පිස්සො රැලක් මැද ඉන්න හොඳ එකාට නෙව ඉතින් පිස්සු....nice post......

Wikeds said...

පරවී වැටිලා... ඒ හිරුමල මේ දෙරණේ...



ආයෙමත් අහල බලන්න...
http://www.youtube.com/watch?v=537XAB14cL0

Teena said...

ඒ වගේ එකක් ඒකාලේ මිනිස්සු ගාව තිබුනා තිබුනා කියලා මාත් අහල තියෙනවා.. දැනුත් සමහර අය ගාව ටිකක් ඉතුරු වෙලා තියෙනව ලු. මං ගාව නම් ඩිංගක් තියෙනවා.. හංගලා ආරක්ෂිතව තියලා තියෙන්නේ.. අත්‍යවශ්‍ය වෙලාවට විතරයි පාවිච්චි කරන්නේ..

වන්නි said...

හැබෑවටම මේ උඹද ලියලා තියෙන්නේ...

Naදී said...

@පුබුදුවා: මේකනේ වැඩේ, හංගගෙන ඉන්නවා ඇරෙන්න අපිට ඕක පෙන්නන්න ගියොත් වඳින්න ගිය දේවාලේ ඉහේ තමයි.

@Shadow/හේමලයා: ස්තුතියි හේමලයා. කතාව සහතික ඇත්ත.

@SACHIRA: ගීතයත් රසවින්දා මේ වෙලාවෙම. රසවිඳිනවාටත් වඩා තේරම් ගන්න ඕනි දේවල් ගොඩක් තියනවා.අපේ ගොඩක් අය කරන්නේ නැත්තෙත් ඒකමයි.

@ෆා: ඇත්ත ෆා..ක්වොන්ටිටි එක ගැන හිතන ගොඩක් අයගේ කොලිටි එක නිල්(0)හංගන් ඉන්න තමයි දැන් වෙලා තියෙන්නේ.

@කුෂාන් ඇස්. වන්නිආරච්චි: ඇයි බං බුද්ධිමය දේපල සොරා කෑ බවක් පේන්න තියේද?:D

Sanjaya Dissanayake said...

කෝ.. කෝ.. මොකක්ද?.. ඒක කෑමක්ද?.. ඕකයි අද සමාජෙ තත්වේ!!

Naදී said...

@සනා : සහතික ඇත්ත!තලු මරලා ගිලින්න පුලුවන් දේවල් තමයි ගොඩක් අයට මතක