Saturday, July 24, 2010

දැන් මගේ හිත නිදහස්!

රාජකාරිය දේවකාරිය වුනාට ඒකත් වෙලාවකට එපා වෙනවා සමහර වැඩ නිසා. වෘත්තියෙන් ඉංග්‍රීසි පිළිබඳ දේශකවරියක් වීමේ වාසනාව මට පෑදුනාට මොකද ඉංග්‍රීසි භාෂාව ගැන බොහෝ අයගේ තියෙන්නේ ඇල්මැරුණ ආකල්ප නිසාම මට පිස්සු හැදෙන්න ගිය වාර අනන්තයි අප්‍රමාණයි.

වැඩිහිටි බාල තරුණ හැමෝටම වැදගත් භාෂාවක් වූණත් ඉංග්‍රීසියේ අගය දන්න අය ඉන්නේ අතේ ඇඟිලි ගානට. නැතත් වැඩිහිටි පාර්ශවයට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම රටේ නැති ප්‍රශ්න. දරු මල්ලන්ගේ ප්‍රශ්න, රස්සාවේ ප්‍රශ්න, වෙලාව නැතිකම වගේ භාරදූර ප්‍රශ්න. තරුණ අයට සල්ලි ප්‍රශ්න, වෙලාව නැතිකම සහා කම්මැලිකම පිලිබඳ ප්‍රශ්න. ටිකක් හරි කරදරයක් නැත්තේ පොඩ්ඩන්ගෙන්. ඒත් අම්මලා ප්‍රශ්න දානවා රටේ නැති පංති එක්කරගෙන ගිහින්.

ඉගෙන ගන්න නිසි වයසක් තියෙන්නෙත් ඔය ඉහත හේතු කාරණා ඉගෙනීමට සැබෑ බාධක වෙන නිසාම තමයි. ඒත් අපි කරන්නේ වමට සිග්නල් දාලා දකුණට හරවන එක. ප්‍රථිඵලය භයානක වෙන්න පුළුවන්.

සමාජානුයෝජනයට බය තරුණ අය දුසිම් ගනන් මට මුණ ගැහිලා තියනවා, කතා කරලා තියනවා, ප්‍රශ්නය හැමෝම බයත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා. ගැටලුවට අනුවර්තනය වෙලා. හැබැයි තව අවුරුදු 10ක් ගියත් කට්ටියම එක තැන. දුවන්නේ එක තැනම නිසා. වෙනස් වෙන්න කැමැත්තක් හැමෝටම තිබ්බට ඒක සිතුවිල්ලක් විතරයි. ඒක සිතුවිල්ලක් නොවුණනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාව "සංවර්ධිතයි".

ඕවා මේවා දැනදැනත් පහුගිය දවසක මාත් Business Communication workshop එකක් දාගත්තා කරන්න. කරන්න හිතුවේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් වෙලා තිබුණ ඉංග්‍රීසි බසින් නිවැරදිව ලිපි ලේඛන සකස් කිරීම,
සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙන ආකාරය, දුරකතන සංවාද හැසිරවීම, CV එකක් හදාගන්න අකාරය වගේ වැදගත් කියලා හිතුපු දේවල් ටිකක්. මං දන්න දේ උපරිමයෙන් බොක්කට වදින්න කියලා දෙනවා කියන ඒකායන අරමුණකුත් තිබ්බා තමයි ඒත් කන්දක් තරම් විලිරුදාව හැදුණට මොකද මී පැටියෙක්වත් වදා ගන්න බැරිවූණා.

එදා මට ටිකක් දුක හිතුනා. ඒ නිසා ආ වෙගෙටම හිතේ හිරවුණ දේවල් පෝස්ට් එකකින් අතඇරලා දැම්මා. දවස් දෙක තුනකට පස්සේ මටම හිතුණා ඒක වෙනස් කරන්න.

කවුරුත් කියෙව්වද මම දන්නේ නෑ. කියෙව්වට කාටවත් තේ‍රුම් ගන්නත් බැරි වෙන්න ඇති. නොකියෙව්වත් අවුලක් නෑ. මං අත්දුටු ‍සිත් තැවුලක් පිට කරගන්න සංකල්පනා මල්ලට දාන්න හිතුණ නිසා දැම්මා. දැන් මගේ හිත නිදහස්. එච්චරයි !

8 comments:

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

වැඩක් නෑ බං කතා කරලා. මෙවුන්‍‍ට නිකං දෙනවා කිවොත් මූත්‍රා කෝප්පයක් හරි බොයි. දාහක් දෙදාහක් කුඩු වෙනවනං අලි දෙන්නං කොටි දෙන්නං කිව්වත් වැඩක් නෑ...

Naදී said...

ඇයි බං ඒවුණාට මිනිස්සු සිම් කෑලි එහෙම ගන්න පොර කන්නේ. අවශ්‍ය දේවල් ලැයිස්තු ගත කලොත් අපේ මිනිස්සු ඉගෙනීම අන්තිමටවත් දාන්නේ නොදා බැරි කමට වගේ.

Hasitha said...

අක්කත් නියම වැඩක් නේ පටන් අරන් තියෙන්නේ. සැලෙන්න එපා අක්කේ දිගටම ඕක කරන් යන්න. ලංකාවේ පොරවල් එක්ක වැඩ කරද්දී ඔහොම තමා :)

Naදී said...

@Hasitha: කියලා වැඩක් නෑ මල්ලි. රස්සාව නිසා ඉවසා වදාරනවා.උනන්දුව නම් වල් වැදිලා

බිඟුවා...! said...

මට හිතුන එක ලියන්නේ නැතුව මං යනවා.

ෆා said...

ඒකනේ බං මට හිතා ගන්න බැරි උනානේ.. එදා කියවලා පස්සේ කමෙන්ට් කරන්නම් කියලා දැන් ඇවිත් බලද්දි වෙන කතන්දරයක්..

අනේ ඔය ගැන නම් ඉතින් කුමට කතා..බල්ලටත් බලු වෙලා ඉන්නේ දැන්නම්...! ඒ නිසා වැඩිය මොකුත් නොකියම ඉන්න එක හොඳා.. වැ‍ඩිය කතා කරන්න ගියොත් මට ඇත්තටම ඇ‍ඬෙයි..

SACHIRA said...

මටත් මතක නැහැනේ මෙහෙම පොස්ට් එකක් කලින් කියෙව්වා. ඇත්තටම මටත් නම් ඉගෙන ගන්න ගන්න එක නිකන් මරනවා වගේ වැඩක්. ජොබ් කරන එක ඊට හපන්. හැබැයි පෙර කල පිනකට හරි, පවකට හරි මම තාමත් ඉගෙන ගන්නවා.

Naදී said...

@SACHIRA: මම ඒ පෝස්ට් එක ආවේගේට දැම්මේ. දවසකට විතර පස්සේ කියවනකොට මටම හිතුන වෙනස් කරන්න.සැර බාල වුනාට පස්සේ ඒක අයින් කලා.
ඉගෙනගන්න එක වස කම්මැලි වැඩක්.
උගන්නන එක ඔක්කොටම වඩා කම්මැලියි ක්‍රවුඩ් එක හරි නැත්තම්.අපේ ගුරුවරුනුත් කොහොම ඉවසීමකින් ඉන්න ඇද්ද කියලා හිතෙන්නේ දැන් තමයි.
මොනාවුනත් ඉගෙන ගන්න එක අතහරින්න එපා.Learn from cradle to grave