Monday, July 5, 2010

ඔබ නැති දා....

ඔබේ දෑතින් ගැලූ උණුහම
දෙගොඩ තලා ගිය අතීතය මම
කෙසේ අමතක කරන්නද අද
ඔබ නොඑන බව දැන දැනම

ගෙවී ගිය දාසය වසක් කල්
ගෙවී ගිය අරුමය කිමැයි
සිතාගන්නට නොහැකි බව
පසක් කරලනු කෙසේදැයි


අඬන්නට නෙත් වල කෙවෙනි
පිරුණු කඳුලුත් වියළිණි
හෙලූ සුසුම් වැල් දහස් ගණනින්
හිස් වා තලයට එක් විණී


මා සුඹුල් ඇඟිලි දවටන්න
ඔය දෑත් දරඳඩුය, සීතලය
ඔබ වත කමල සිපගන්න
පතන්නද මතු භවය


ඔබේ පිය සෙනෙහස
ලබන්නට තරම් මේ දියණිය
පින් නොකලේ මන්ද
සොයමි මම තවම


අහිතක් නෑ තුන් හිතක
ඔබ අපව තනි කලාට
මතු භවයෙවත් මට
නැලවෙන්න ඉඩ දෙන්න
ඔබ ලඟ......................................!


දයාබර තාත්තේ, ඔබ මේ ජීවිතේ අපිත් එක්ක එකට ඉන්න හිතාගෙන ඇවිත් හදිස්සියෙම අපිව දාලා යන්න ගියා. තාත්තා අපි අතරින් වෙන් වෙලා පහු ගිය මාසෙට අවුරුදු දාසයක් වුණා.කාලය වේගෙන් ගමන් කළත් ඔබේ අඩුව හදේ කොණටම දැනෙනවා අඩුවක් නැතුව. පියෙකුගේ ආදරයේ පැහැය ගැන වැටහීමක් නැති පින් මද දියණියකගේ හිතේ තෙරපෙන අනෝරා දුක පද වැලක අමුණන්න හිතුණා එලෙස.

4 comments:

අතරමැදියා said...

බොක්කෙන්ම ලියල තියෙනවා..තාත්තා කෙනෙක් ගේ අඩුපාඩුව තේරෙන්නේ නෙති උනාම තමයි..මගේ බලවත් ශෝකය..

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

තාත්තල් වැඩායෙන් ආදරේ දුවලටදු. දුවලත් වැඩියෙන් ආදරේ තාත්තලාටලු. ඒ සම්බන්දය නැතිවීම දුකක්. හැබැයි උඹ සංතෝසවියන් තාත්තගේ චරිතෙත් රඟපාන්න පුළුවන් අම්මෙක් උඹට ඉන්න නිසා...

Naදී said...

@ අතරමැදියා : බොක්කටම වැදුණ කාරණාවක් නිසා බොක්කෙන්ම ලිව්වා.තියන දෙවල් ගැන අපිට අගයක් නෑ. නැතිවුණාම තමයි හිතෙන්නේ තිබ්බනම් කියලා. මිනිස් ස්වභාවය!

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි : කතාව ඇත්ත. උඹටත් ඒ වගේමනේ.

prasanna86k said...

හිතට දැනෙ​නව​ෙ නියමෙටම.