Monday, March 22, 2010

තටු ලැබුණේ ඉගිල්ලෙන්න

මේ කතාව ලියන්න කියලා මට යෝජනා කරපු ෆා ද බ්ලොගී නංගිට ස්තූති කරන්න ඕනි. තටු ලැබුණේ ඉගිල්ලෙන්න කියලා දැනට මාස ගණනාවකට කලින් ම විසින් ලියන ලද බ්ලොග් පෝස්ට් එක සම්බන්ධව සුලු සංශෝධනයක් සිදුවුණා.

ඇත්තටම මට ඉගිල්ලෙන්න තටු තිබුණා. ඒත් මට ඕන විදිහට තටු විහිදලා ඉගිලෙන්න මම බය වුණා. පුරා වසර තුනක්ම බයෙන් තටු පොරවගෙන හිටිය මට දැන් නිදහසේ නිල් අහසේ ඉගිලෙන්න ඉඩ කඩ ලැබිලා තියනවා කියලා කියන්නෙ අහිංසක ආඩම්බරයකින්. නිදහසේ සැබෑ සුවඳ මම දැන් විඳිනවා. තටු විහිදලා හීයක වේගෙන් ඇදිලා යන අනිත් කුරුල්ලො දකින මට ඇතිවෙන්නෙ සැබෑම සතුටක්. මමත් උඹලා වගේමයි...මේ බලාපල්ලා මගේ ලස්සන අත්තටු දිහා.....කෑගහලා කියන්න තරම් හිත නලියන තරම...

ජීවිතේ කියන්නෙ හරියට Mixer පැකට් එකක් වගේ දෙයක්. සැප, දුක, බය, වේදනාව, සිනහව, කදුළ ඔක්කොම එකට කවලම් වෙලා. ඒ හැම හැගීමක්ම රස බලන්න අපි හුරු වෙලා.

කාලය කියන්නෙ ජීවිතේ සුවපත් කරන වෛද්‍යවරයෙක් කියලයි මට හීතෙන්නෙ. මේ ලෝකේ විසඳුම් වලින් පිරිච්ච තැනක් කියලා කුෂාන් ඇස් වන්නිආරච්චි සහෝදරයා නිතරම කියනවා. ඇත්ත තමයි! කාලය කියන්නෙත් විසඳගන්නම බැරි ප්‍රශ්න වලට හොද විසඳුමක් තමයි.

දැන් තමයි මං තටු වල ලස්සන හිත පුරා දකින්නෙ.

2 comments:

said...

සංතෝසයි සංතෝසයි...
ඒත් ඔය පරණ කතාව ටිකක් අපිටත් දැන කියා ගන්න කිව්වනම් තමා හොඳ

Naදී said...

ඕක ඇත්තටම ආදරය,විවාහය සහ ජීවිතය කියන ලක්ෂ තුන යා කරලා ඇදපු ත්‍රිකෝණයක කතාවක්.ඕක මට කලින් ඇදගන්න බැරුව හිටියේ.බයට අත ඇද වුණා.දැන් නම් එහෙම බයක් නෑ.