Wednesday, May 19, 2010

විප්ලව විලාපය


ලෝකය අසමබරයි


දුක දරන්නෝ බහුල කළ සැප විඳින්නෝ අල්පය

වියතක් තරම් වත් නොවන සාධාරණය

කුණු කොල්ලයට විකිණෙන්නේ

වෙන්දේසි කළ අසාධාරණයට ඉහළම ලංසු තබමිනි

විත්තිය වනාහි සමාජය නොව

අදෘශ්‍ය මාන බලවේගයන්ට නතුව ක්‍රියාත්මක වන්නාවූ සමාජ ක්‍රමයයි

ගඟ බොර දියෙනුත් වාසි කූනිස්සන්ටයි

දුක උරුම කුසට දුක අරුම කුහකයා පහර දෙන්නේ නීච ලෙසයි;


මෙම අධම සමාජ ක්‍රමය වෙනස් කළ හැක්කේ කාටද?


හිස් අහසට විදෙන දෙනෝදාහක් දුක් සුසුම්, සාප විලාපයන්

කෙදිනක හෝ කුහකයන්ගේ හිස් මත හෙණ පුපුරක් වී පතිත වේවි

නැඟෙන ගිනි පුළිඟු මත ඉදෙන බත් හැලියෙන්

දෙනෝදාහකගේ කුස නිසැකයෙන්ම පිරේවි

1 comment:

විහඟ ගීතය said...

"නෑ
වික්ටර්!බණක් නොවේ
මේකයි මම අහන්නේ ?
බලකාමය වයිරය තිබෙන තුරා
තරඟය තිබෙන තුරා
දුකින් මිදිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සටන යනු බලකමයයි:
සටන යනු වයිරයි-තරඟය යි"

මහඟම සේකර-ප්‍රබුද්ධ-පිට 88-89

විප්ලවය සිදුවිය යුතුය සිතේ..
යහපත් සමාජයක් ගොඩ නැගෙන්නේ
සිතුවිළි වෙනස් කල සමජයක මිස
ද්වේශය වපුරන්නන් අතර නොවේ

"චෙතනාහං භික්ක වේ කම්මං වදාමී"

එදාට ඒ සිත් එළියෙන් මුළු අහසම එළිය දේවි
ගෙයක් ගෙයක් පුරා සතු‍ටු සිනා සපිරි මල්පිපේවී
ලිපක් ලිපක් ගිනි අවුලා කටට රහට බත ඉදෙවී
දෙනෝ දහක් නොව මුලු සතටම හොද දවසක් ලැබේවී