Sunday, March 7, 2010

වම් අ‍තේ කතාව

වම් අත දැං දකුණු අතට වඩා ලස්සනයි කියලා ටිකක් ආඩම්බරෙන් තමයි ඉන්නේ. මහ දවාලේ වගේම කට්ට කලුවරේත් වම් අත දිස්නෙ දෙන අරුමයක් තියනවා. මේ මහා සාගරය වගේ ඉමක් කොනක් නැති ජීවිතේ,නොසිතන තැන් වලදී ලස්සන ක්ෂේම භූමි මුණ ගැහෙනවා කියලා කිව්වොත් කව්ද ඒක එහෙම නෙමෙයි කියන්නේ?

වම් අතේ කතාවත් ඔය වගේ එකක්. කාලාන්තරේකට ඉහත්තාවේ ඔහේ වගක් නැතිව හතර වටේටම වැනුනු වම් අත දිහා කව්ද ඇහැක් ඇරලා බැලුවේ? වම් අතෙන් ගත්ත ඵල ප්‍රයෝජන නම් ඉතින් එමටයි. ඒත් ඉතින් කව්ද නියම වටිනාකමක් දුන්නේ? ඔන්න දැං නම් වම් අතට නියම වටිනාකමක් ලැබිලා. ඒකත් එසේ මෙසේ නෙමෙයි, රත්තරං වටිනාකමක්! හැබැයි ඉතින් කියන්න ඕනි මේ රත්තරං වටිනාකම වම් අත ගත්තේ කප්පරක් වෙහෙසිලා කියන එකත්. ඒ වෙනුවෙන් වම් අත නොකාපු කට්ටක් නෑ. අමාරුවෙන් ගත්ත දේ වටිනාකම මිල කරන්න බැරි නිසා වම් අතට බරපතල රාජකාරියක් තියනවා.

ඒ තමයි මහන්සියෙන් ලබාගත්ත දේ පණ වගේ රැක ගන්න එක.


6 comments:

said...

බොහොම කාලෙකට පස්සේ.....

එහෙනම් වම් අතට ලැබුනාවූ අළුත් වගකීම් සම්බාරයට අපේ සුභ පැතුම්
චියර්ස්!!!!!!!!!!!!

Naදී said...

බොහෝම ස්තූතියි! ඒක තමයි මට පේන්නේ ගොඩක් අයට මා අමතක වී හැඩයි.

said...

ඔව්නේ ඉතින් කාලයක් වහන් වෙලා හිටියම අමතක වෙලා යනවා තමා. ආයි ලියන්න පටන් ගත්තම මතක් වෙයි. දැන් ආයි වැඩ කරනවද?නැත්නම් අළුත් රාජකාරියේ වගකීම් ඉටුකරමින් ඉන්නවද?

Gayan Tharaka said...

ඔන්න මෝනිං පැංචිට අපෙනුත් සුභ පැතුම්. දිගටම ලියන්නකෝ නවත්තන්නැතිව.

Teena said...

ආයිෂ් අප්පා! ලස්සන. මේ නදී අක්කේ නරකද වෙලාවක මුළු කතාවම ලිව්වනම්. කවුරුත් දන්නේ නැහැනේ ඔයා කාපු කට්ට.
දැන් ඉතින් තටු ලැබුනනේ. ඉගිල්ලෙන්න බැරියැයි ඔස්ට්‍රේලියාවට අනත්.හැබැයි ඉතින් අපේ කැන්ගරුට තටු නැති එක තමා දුක!හික්

Naදී said...

ම : දැන් ආයි වැඩ කරනවද?

දැන් අපි සැට් එකම අලුත් කොම්පැණියකනෙ. අනිත් වගකීමුත් ඉටු කරන්න නීතියෙන් අවසර ලැබුණා