Saturday, July 18, 2009

තටු ලැබුණේ ඉගිල්ලෙන්න.........

තටු ලැබුණට පියාඹන්න බැරි කුරුල්ලෝ කොයි තරම් නම් ඉන්නවද? අනිත් කුරුල්ලෝ අත්තටු දිග ඇරලා බොහොම උජාරුවට නිල් අහසේ කෙළවරටමඉගිල්ලිලා යන කොට පියාඹන්න බැරි උන්ට මොනවා හිතෙනවා ඇත්ද? අනේ මගේ කරුමෙ කියලා හිතෙනවා ඇත්ද? අපිට කොයින්ද බූල් බල්ලො කියලා හිතෙනවා ඇත්ද? නැත්තම් අනේ මම මොකට ඉපදුණාද කියලා හිතෙනවා ඇත්ද? පියාඹන්න පුළුවන් වෙලත් තටු අහිමි කුරුල්ලොත් කොච්චර ඉන්නවාද? උන්ට මොනා හිතෙනවා ඇත්ද? ඔය අතර තනි තටුවෙන් පියාඹන්න උත්සාහ කරන උනුත් ඉන්නවානේ. තටුත් ලැබිලා පියාඹන්නත් පුළුවන් වෙලා තටු පොරවගෙනපැත්තකට වෙලා බුම්මන් ඉන්න උනුත් ඉන්නවානේ. අනේ......පියාඹන්න ආසාවේ ඒත් තටු බැඳලා හිර කරලා ඉන්න කුරුල්ලෝ...? උන් මොනවා හිතනවා ඇත්ද? ආසයි මං පියාඹන්න කියලා හිතනවා ඇත්ද? විහිළු නෙමෙයි, උඩ අහසේසුළං කපාගෙන හීයක් වගේ පියඹලා යන කොට,හුළං වැදිලා බෙල්ලේ පිහාටු නැටවෙන කොට,දැනෙන සතුටට පුංචි පහේ සිංදුවකුත් කියන්න තියේනම්...! පීනන්ඩ ඉතින් වතුරට බහින්නම එපැයි. වරදවා හිතන්න එපා.උඩ යන්න හදනවා නෙමෙයි,
තටු ලැබුණේ ඉගිල්ලෙන්නනේ...

7 comments:

Kanishka said...

මොනවා කියවනවද මන්ද :D :D :D

දුකා said...

ඇත්ත තමයි . . . ලැබුනු තටුවලින් ප්‍රයෝජනයක් අරන් ඉගිලිලා සතුටක් ලබනවා මිසක් . . . නැතිනම් තටු හැලුනු දාක . . අපරාදේ . . තටු තිබිලත් ඉගිලුනේ නෑනේ කිය කියා දුක් වෙවී පසුතැවෙන්න වෙයි . . . !

වන්නි said...

" තටුත් ලැබිලා පියාඹන්නත් පුළුවන් වෙලා තටු පොරවගෙනපැත්තකට වෙලා බුම්මන් ඉන්න උනුත් ඉන්නවානේ" මම හිතන්නේ බං උඹ අයිති ඔය ගොඩට. හැබැයි වෙනසකට තියෙන්නේ උඹට බුම්මං ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් බුම්මං ඉන්න හේතූ තියෙනවා. ඒ අතින් උඹ සාධාරනයි, බොරුවට බුම්මං ඉන්න උන්ට වඩා... මං නං කියන්නේ උඹ‍ට පියාඹපං කියලා. උඩට උඩට ගිහිල්ලා ලා නිල් පා‍‍ට වලාකුලක් උ‍ඩ වාඩි වෙලා උඹව හිර කරපු අයට කියපං උඹ හිටියට වඩා හොඳින් ඉන්න බව... උඹට මුළු ලෝකේ වටේම යන්න පුළුවන් බව... ඉස්සරට වඩා නිදහස් බව... හැබැයි කූඩුවේ හිටපු කාලේ අමතක නැති බවත්... එත කොට කූඩුවේ මුර කාරයොන්ට හිතෙයි උඹ හරි කියලා... ඒගොල්ලෝ වැරදියි කියලා... එදාට උඹට ආයේ බය නැතුව කූඩුව‍ට ඇවිල්ලා යන්න පුළුවන්...

(හැබැයි මගේ උපකල්පනය හරිද කියලා දන්නේ නෑ)

Naදී said...

කුෂාන් සහෝදරයගේ කථාවේ ඇත්තකුත් තියනවා.ඒත් මගේ තටු බැඳලා දාලා බං.වදෙන් පොරෙන් ඉගිල්ලුනොත් තටු ඉරිලා යයි කියලා බයයි.

වන්නි said...

හිත හයිය නම් තටු ඉරෙන්න විදිහක් නෑ.

Anonymous said...

මේ ඇත්තිව කාලෙකින් මුකුත් ලියනව දැක්කෙ නැහැ නොවැ..

ජීවිතේ මල් said...

ත‍ටු දීල තියෙන්නෙ පියාඹන්න නම් තමා සහෝදරී... ඒත් පියඹන්න උනත් art එකක් තියෙනව නොවැ... art එක නොදැන පියාඹන්න ගියොතින් ඉතින් වැඩි දුර නෑ... ඩෝං...! හීනිවට කරණමක් ගහල උඩ ඉගිල්ලෙන්න තියනවනම් අපූරුයි, ලස්සනට පියාඹනවයි අඩාතාඩෙට පියාඹනවයි කියන්නෙ දෙකක් නේද?