
කුස්සියට වඩා ඇඳට ඇදුනට
හිතන්නෙපා පරිප්පුවක් කිරි හොද්දක්
පදමට ලුනු ඇඹුල් ඇතුව
ඒදගන්න බැරි එකියක් කියලා
උඩින් පුඩින් වටලප්පන්
ඕඩිඅලප්පන් නැතුවට
ආම් පාම් බුරියානි ඩෙවල් චිකන් නැතුවට
හිතන්නෙපා දවල් බතට
ටේක් එවේ ගෙනෙයි කියලා
කටට රහට කෙසේ වෙතත්
බඩට ගානට සප්පායම් වෙන්න
තිතට කරවල බැදුමක් එක්ක
සැරට පොල් මැල්ලුමක්
හදතෑකි රතු ලූනුත් යහමින් දාලා
ඒ මදෑ.................................
22 comments:
හප්පේ ඒ මදෑ නැද්ද.....:))
ඇත්ත නේන්නම්... ඒ මදෑ.....
හහ් හහ් හහ්...ආයේ මොනවද අතාරින්න එපා නංගියේ.... අන්න එහෙම තමා ඉන්න ඕනේ... එල...
එලනේ... කටට රහට, බඩට ගානට සප්පායම් වෙන්න, ඒ මදෑ.......... :))
අප්පා... කරවල බැදුමකුයි පොලි සම්බෝලෙකුයි තියෙනව නම්, ටේක් අවේ මොකටද? බඩ පැලෙන්න කන්න බැරියැ.. කෙලත් උනනවා දැන් නම්.. ඉතුරුවෙච්ච ටිකක් වත් නැද්ද අපිට කන්න?
කොහොම උනත් වැඩේ නම් අගෙයි.
කුස ගිනි නිවීමයි
කටට රහකට කෑමයි
ලද බොළඳ දේමයි
අලුත් කැමක් ලදොත් කෝමයි
ඒ උනත් අක්කේ තාම උඹේ අතින් හදපු බත් ඇටයක්වත් කාලා නම් නෑ මං, ඕං
ඉවීමට පුළුවන්ය කීවට
කාපු උදවිය ඇත්ද මිහිපිට
සරම් කඩමලු ඉන දවටගෙන
කමුද සංකල්පනා බත් එක..
කටින් කට කෑවා
කාපු උදවිය දිව්වා
සරම් කඩමලු මග දිගේ ඇත
කාපු එවුනුත් චුත වෙලා ඇත... :D
ඇත්ත නේන්නම් ඒ මදෑ... කොහොමත් උඹලගේ ලොකු අම්මාගේ ඒවට වඩා නම් හොඳ ඇති.
මේ.... මේකේ කමන්ට් දාපු උන් "ඒ මදෑ" කියපු පලියට උම එහෙම අරන් එන්නෑ ඔපීසිටය සෙල්ෆ් කුකින් ලන්ච් එකක්... අපි හොඳට කන බොන මිනිස්සු... :ඩී
@Shadow/හේමලයා : හික් හික් ඕනවටත් වඩා නේද?
@ චමිදේවා: වෙන මොන කතාද නේද?
@තිස්ස දොඩන්ගොඩ:හහ් හහ් පිස්සුද අතාරින්නෙ නෑ අයියා.
@නිශාචරයා Nishacharaya :දුප්පතාගෙත් පෝසතාගෙත් ජාතික ආහරනෙ මේවා නේද?
@sameerausa :අප්පේ මේ හදිස්සියේ දොළදුකක් පහළ වෙලා වගේ.ඉතිරි මොනා,බලං ඉද්දි ඔක්කොම ඉවරයි
@විහඟ ගීතය: වෙනසකට එහෙම
ලන්ච් අවුට් ගෙන ඒම
නැහැ එහි වරදක්ම
ප්‍රතිවාරයයි වඩා වැදගත්ම
@ෆා : ඒකනේ කියන්නේ උඔලට පින නෑ.
@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ:
ඉවුමෙත් කලාවක් ඇත
කෑමෙත් කලාවක් ඇත
එය නොදැන කෙරුමට යාම
එතරම් ඇඟට ගුණ නැත
රස බැලුවට සංකල්පනා බත
තුති පුදනෙමි ඔබට මම
දවටගෙන කඩමලු වත
කැමතිනම් එන්න නැවත :D
@කුෂාන් ඇස්. වන්නිආරච්චි : අනේ මචං බය වෙන්න එපා. එහෙම බත් එකක් මේ ආත්මෙට කන්න වෙන එකක් නෑ.;)
වහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්
(මොකද මන්ද මට ඕක තමයි එක පාරටම මතක් උනේ)
@ SACHIRA: හපොයි ඒක ටිකක් බැරෑරුම් කියමනක්.හැබැයි එහෙම හිතෙන එක නම් අති ශ්‍රේෂ්ටයි.
සින්දුව ලියපු කෙනා තමයි එහෙනම් ශ්‍රේෂ්ඨ. අහල ඇති නේද? නැත්තම් මෙන්න;
http://www.youtube.com/watch?v=X5i-sO8lAWA&feature=related
පටන් ගත්ත තැනට "නැන්ද" කියලා එහෙම නැහැ නේද?
මුලදිනම් ඔය මදෑ හැබැයි පස්සේ නම් ඔය මදි
:-D
කන්න පුළුවන් කැමද දන්නැ නෙද???(මිස්)...
පුලුවන් වෙලාවක මටත් කෑම එකක් හදලා එවන්නකෝ.
හැබැයි දැන්නම් බිඟුලන්තේ 3දෙනෙක්ම ඉන්නවා...
ලොකුම එකක් එවන්න හරී.....
@SACHIRA: ස්තුතියි. ගීතය රසවින්දා කෑමකට වැඩිය.
@ම: අම්මෝ අම්මගෙන් ගැලවුනත් නැන්දම්මලගෙන් නම් ගැලවෙනවා බොරු.ඇඳ අමතක කරන්න තමයි වෙන්නේ.
@තක්ෂිල: අපෝ පුලුවන් දරුවෝ. බඩගින්නේ මැරෙන්න කවුද කමැති?
@බිඟුවා :ආයෙත් අහලා. අතටම එවන්නම්.
අම්මා ගාව ඉන්නකන්නම් ඒ මෑදෑ...ඊට පස්සේ තමා ඉතින් මදි...
මොනා උනත් එලම තමා... කටට කෙළ ඉනුවා!!
@අනේ මන්දා..??: ඒකනෙ වැඩේ කියන්නේ. අම්මව නම් ෂේප් කර ගත්තෑකි. අනිත් ඇත්තොනෙ බැරි. ස්තුතියි කමෙන්ටුවට
@ සනා: තැන්කූ වෙන්න ඕනි.
මේ බ්ලොගය මට මග ඇරිලම නොවැ... පිස්සගේ බ්ලොග් එකට ආපු අමුත්තිය කවුද බලන්න ආවම දැක්කේ. අපූරු බ්ලොගයක් නොවැ.
කීපයක්ම බැලුවා... උදේ 2ත් වෙලා නිසා දැනට ඇති වගේ.. හි හි.
ඔය මදැයි... පිස්සට නම් කරවල හොද්දකුයි සම්බෝල්කුයි තිබ්බනම් වෙන මොකුත් එපා. හි හි
උයන්නත් ඇහැකි වගේ..පුස්නේ ඇවිල්ලා ඒ උයන ඒවා කොටා බාන්න ඇහැකිද කියන එක නෙව..?
Post a Comment