Tuesday, January 27, 2009

අතරමං වීම

ජීවිතයට අරමුණක් තියෙන්න ඕන කියන කතාව ඇත්ත

ඒත් අරමුණක් බලාගෙන ගිහිනුත් අතරමං වෙන්නෙ ඇයි කියලනම් හිතාගන්න බෑ

ඇති පදමට ඉගෙන ගත්තා. ඒත් හැබැයි අර කියන මහ ලොකු අරමුණකින් නම් නෙමේ,

අනාගතේ ගැන හිතලා.

දැන් එදාට වඩා අනාගතේ ගැන බය හිතෙනවා.

මේ රෝග ලක්ෂණ normal ද?

6 comments:

ඩනිෂ්ක said...

අවුරුදු 5කට වඩා ලොකුවට සැලසුම් නොකර කෙටි කාලීන සැලසූම් කරා යන්න.

ඒක වඩා පහසුවෙයි.

මග දැනගෙන ගියොත් අතරමං වෙන්නේ නැ.

අරමුණ කරා යද්දි ඒ කාලය තුළ සමාජය වෙනස් වෙනවා, ඒවා දිහා බලාගෙන ඒ අනුව වෙනස් වෙමින් තව ශක්තිමත් වෙමින් මිස අන්දයෙක් වගේ යන්න බැ. සමහර විටක අරමුණ වෙනස් කරන්නත් සිදු වේවි.

මා පෞද්ගලිකව කරන්නම අකමැති/අපහසු දේ මැත කාලයේ කරන්නට උනා. ඒ තමයි ඉගැන්වීම, එත් වක්‍රාකාරව දැන් ඒක කරනවා. ජිවිතෙ හැමදාම අපි කරන්න ආසම දේ කරන්න වෙන්නේ නැ.
-----------------------------
ඉගෙනීම නම් ආයෙ අහන්න දෙයක් නැ, පාසැල් කාලෙට වඩා දැන් මහන්සිවෙනවා...

මේ හැම දේම අපේ තන්හාව සහ බැදීම් නිසා.
අපි කරන්න අකමැති දෙයක් උනත් සමහර විටෙක දෙමාපියන් වෙනුවෙන් කරන්න වෙනවා..

දිගටම ලියන්න....

said...

මටනම් අරමුණක් නැහැ. අරමුණක් පස්සේ යන්න ගිහින් ඒකට ලඟා වෙන්න බැරි උනාම දුක් වෙනවට මේ විදිහට මම කැමතියි

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

මම දකින විදිහට අතරමං වුනා යැයි සීතීම තමා නියම අතරමං වීම. එහෙම වෙන්න එපා...
අයින්ස්ටය්න්ට එයාගේ අම්මා පොඩි කාලේ වයලීන් එකක් අරගෙන දුන්නා... සංගීතය උගන්නන්න උත්සහ කළා.ඒත් එක අයින්ස්ටයින්ගේ ඇ‍ඟේ තිබ්බෙ නෑ. එයා එයාගේ පාරේ ගියා. අන්තිමට එයා දිනුවා.
ඒ වගේ ඔයා ඉ‍ගෙනගත්ත දේ ඔයාගේ. ඔයා නොගියත් කාලය ඔයාව හරිපාරේ ගෙනියයි. ඒ නිසා බය වෙන්න එපා. ඉගෙන ගත්ත දේ ඔයාගේ...

Nadee-නදී said...

අම්මෝ ඔයාලගේ ‍උපදෙස් නිසා දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. බොහොම ස්තූතියි

පහන් said...

ඔය කියන රෝග ලක්ෂණ මටත් තියෙනවෝ.

අනේ අකමැත්තක් නැත්තම් මේ word verification අයින් කරන්න.

නිලන්‍ත said...

"ජිවිතේට අරමුණක් තියෙන්න ඕනි" එහෙම තමයි ගොඩක් අය කියන්නෙ. හොඳ රැකියාවක්, ගෙයක් දොරක්, ඕව තමයි. ඒ කියන්නේ සැපෙන් ගෙවෙන ජීවිතයක් එහෙම නේද. එක අතකට අරමුණක් ඉටුකරගන්න ජීවිතේ තවත් කොච්චර දේවල් අපි කැපකරනවද. අන්තිමට අපේ අරමුණට ලඟාඋනත් තවත් කොච්චර දේවල් ලබාගන්න තියෙනවද කියල හිතෙන්නැද්ද.
ඉතින් අපි ලඟාකරගන්න හදන අරමුනේ තේරුම මොකක්ද.
අනික් අතට කිසිම අනාගත සැලැස්මක් නැතුව, ඒ කියන්නෙ මම කලින් කිව්ව හැමෝටම තියෙන ඒකාකාරී අරමුණ නැතිව ඔහේ ඉපදුනාට ජීවත්වෙන එදිනෙදා දවස ගෙවන ජීවිතවලත් කිසිම හරයක් තියෙනවද. ඒත් නැහැ. මට හිතෙන විදිහට ඇත්තටම ජීවිතයට නියම අරමුණක් දුන්නෙ බුදු හාමුදුරුවො විතරයි. තියෙන ප්‍රශ්නෙ අපිට ඒ අරමුනට යන්න හිත පාලනය කරගන්න බැරිකමයි. ජීවිතේ සාර්ථක කරගන්න අරමුණු කරා යනව වගේම නිමක් නැති අරමුණු පස්සෙ එළවන්නෙ නැතිව ඉන්නවනම් අනාගතය ගැන හිතේ බයක් ඇතිවෙන එකක් නැහැ.

අදහස ටිකක් ගැඹුරුයි වගේ උනාට මම සිම්පල් හොඳද

(කොච්චර කෙටියෙන් ලියන්න හැදුවත් මගේ හෑලි හරි දිගයි. කියන දේ කෙටියෙන් කිව්වත් මම ලියන දේවල් කෙටියෙන් ලියන්න බෑ. ඒකට සමාවෙන්න)

පොඩ්ඩක් හෝව්...........



අනේ නගෝ පහන් කිව්ව වගේ තරහ නොගෙන මේ Word Verification ගැජමැටික් එක ඉවත් කරනවද?